Tuesday 22 May 2012

ලැජ්ජා නැතිකම මහ විනිසුරුකමටත් වඩා ලොකුයි

ස්ථානය: ගාල්ල උසාවිය. දිනය: අවුරුදු 50කටවත් එපිට එදා නඩු දිනයක්. උසාවි‍යේ සෙනග පිරිලා. මොර සූරන වැස්සේ උසාවිය ඉස්සරහ මෝටර් රථයක් නතර කරපි. මෝටර් රථයේ ඇතුලේ හිටපු පුද්ගලයාට බැහැගන්න බැරි තරමට වැස්ස. කොහෙන්ද පාත්වෙච්චි පොරක් ගිහින් කුඩේ ඇල්ලුවා. දිලිසි දිලිසි එලියට බැස්සේ නඩුකාර උන්නාන්සේ. ටික වෙලාවකට පස්සේ නඩු අහන්න පටන් ගත්තා. මුලම නඩුවේ විත්තිකාරය දැකල පුරුදු ඩයල් එකක්. නඩුව පටන් ගන්නකොටම නඩුකාර උන්නාන්සේ ටිකක් වෙලා විත්තිකාරයව ස්කෑන් කරලා අහනව "තමා නේද අද මම කාර් එකෙන් බහිනකොට කුඩේ ඇල්ලුවේ?" "එ..එහෙමයි ස්වාමීනී" විත්තිකාරයට ෆුල් සැට. ඒත් නඩුකාර උන්නාන්සෙට නප්පියට තදවෙලා. "තමා අදවත් දැනගන්න නඩුකාර උන්නාන්සේට කුඩේ ඇල්ලී මෙන් කලේ අනිසි බලපෑමක්. මේ වරදට මම යුශ්මතාව රු5ක දඩයකට යටත් කරනව" ෆුල් දෝස් මුරේ. විත්තිකාරය ෆුල් අන්දොස්. මෙන්න ඊලඟට උසාවි රෙජිස්ටාර් පැත්තට හැරිල නඩුකාරය කියනව "ඒ රු5 දඩ මුදල මගේ පඩියෙන් කපාගන්න." හේතුව පැහැදිලිනේ. පගාව දීම වගේම, ගැනීමත් වරදක්! මට මේ යටගිය දවස කථාව මතක් උනේ, පහු ගිය දවස්වල දිග හැරුනු එන්.එස්.බී නාඩගම බලලා.

6 comments:

  1. ඕක වෙන්න ඇත්තේ යුටෝපියාවේ.. එහෙ ඉන්නේ ඔය වගේ නීතියට වැඩ කරන කෂ්ටිය..

    ReplyDelete
    Replies
    1. යුටෝපියාවේ කොහොම උනත්, හුදී ජනයා නම් කාලෙක ඉඳලා හොඳ ටොපියක් කනවා..

      Delete
  2. ඉස්සර පත්තරේක (මට මතක විදියට ඉරිදා ලක්බිම) ගියා “විනිසුරු දිවියේ රස කතා“ වගේ නමක් තියන ලිපි පෙලක්. ඔය වගේ කතා ඒකෙන් හුඟක් කියෙව්වා. දශක කීපයකට කලින් නම් ඔය වගේ නඩු කාරයො ඉඳල තියනව. දැන් නම් අනේ මන්ද.

    ReplyDelete
    Replies
    1. විනිසුරු වෘත්තීය මහන දම් පුරනවා වාගේ. ලොකු කැප කිරීමක් කරන්න වෙනවා. පෞද්ගලික ජීවිතයේදී සමාජ සම්බන්ධතා පවත්වන්න අපහසුයි. මම දන්න විනිසුරුවරු ඉන්නවා, තාමත් ඒ විනය රකින.
      ඒ අතරේම ඉන්නව නඩුවක තීන්දුව වෙනස් කරන්න මස් ගොට්ටේ, එලවලු පිරිවැහියේ ඉඳලා යානවාහන, ගේ දොර ලිංගික අල්ලස් දක්වා ජරාව කන...

      Delete
  3. කෝ අළුත් එව්ව. අපි බලාගෙන ඉන්නව. ඉක්මනට පෝස්ට් එකක් දාන්නෝ ....

    ReplyDelete
    Replies
    1. සමාව භජනය කරන්නෝනා.... පහුගිය දවස්වල පොඩ්ඩක් අවිවේකී උනා.

      Delete