Wednesday 9 May 2012

ආරේ ගති නෑරේ - මිස්ටර් බීන් හා කළු කෝපි


මේක චරිත ඝාතනය කරන්න ලියුවක් නොවේ. 
වෙච්චි ඇත්ත සිද්ධියක් පමණි. 
මිස්ටේර් බීන් එක්ක 1977 මුල්වරට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු සෙට් වෙන සිරිතක් තිබුණා කොළඹ තියෙන ප්‍රසිද්ධ කෝපි කඩේක. ඔතනදි ආගිය තොරතුරු, මෙහෙයුම්, කැපිලි, කෙටිලි, කටකතා, දූශමාන ආරංචි, අරවා, මේවා ඔක්කොම කතා වෙනවා. එක එක මන්ත්‍රීවරු තමන්ට අවශ්‍ය කෙටි කෑම හා බීම ඇනවුම් කරනවා. පුරුද්දක් විදිහට බීන් ඇනවුම් කරන්නේ කළු කෝපි විතරයි. (ඔව් ඒ කාලෙත් එහෙම තමා). සභා තොමෝ විසිර යනකොට එක මන්ත්‍රී කෙනෙක් ඔක්කොගෙම බිල ගෙවල දාල යනවා. ටික කාලයක් යනකොට මන්ත්‍රී සෙට් එකට මීටර් උනාලු කවදාවත් මිස්ටර් බීන් බිල ගෙවන්නේ නෑ කියා. මේ කෂ්ටිය කතා උනාලු දවසක බීන්ට ගේමක් දෙන්න. ඔන්න එදා තේ කෝපි බීල ඉවරවෙලා එකා දෙන්නා දිරා මාර් උනාලු, මිස්ටේර් බීන් තනි කරලා. මේක වෙලා තියෙන්නේ හවස 6 ට විතර. ඔතන  හිටපු එකා මන්ත්‍රී කෙනෙක් රාත්‍රී භෝජනයකට ගිහින් රෑ 12 ට විතර අර කියපු කෝපි කඩේ ලගින් ගියාලු. නිකමට එතනට ගිහින් බැලුවාම බීන් ගොය්යා තාමත් එතනලු තනියම. මේ කියන මන්ත්‍රී තුමා තමයි බිල ගෙවලා බීන්ව නිදහස් කරගෙන ගිහින් තියෙන්නේ. 

21 comments:

  1. ඇත්තටම කව්ද මේ ලංකාවෙ මිස්ට බීන් ?

    [වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් කොමෙන්ට් දාන්න ලේසියි]

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මමත් මුලින්ම සැකකලේ කිං චින්තනයි කිං පරාක්‍රමයි. කිං චින්තන නං දැන් හැමෝටම තේ බොන්න ආරාධනා කරනවනේ. චින්තන මම හිතන්නෙ මුලින්ම පාර්ලිමන්ට් ආවෙ 70 දි. ඒක නිසා පරාක්‍රම වෙන්න ඇති. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනව. 77 දි පරාක්‍රමගෙ මාමා රටේ රාජ්‍ය නායකය. අනෙක ඔහු කෝටිපති විජේවර්ධන පවුලෙ සාමාජිකයෙක්. ඔහුගෙ තාත්ත දේශපාලන පිටියෙ තිරයෙන් පිටිපස්සෙ හිටපු ප්‍රබලයෙක්. එයාගෙ පවුල් පසුබිම මත හෝටලේක බිලක් ගෙවා ගන්න බැරිව පැය ගාණක් හිටිය කියන එක විශ්වාස කරන්න අමාරුයි නේ ද? කතාව ඇත්ත නම්, එතන තියෙන්නෙ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, මෑන්ගෙ මෙන්ටලේ පිළිබඳ ප්‍රශ්නයක්.

      Delete
    2. අනිවාර්යයෙන්ම මුදල් පිලිබඳ ප්‍රශ්නයක් නෙවි. මෑන් පුරුදු වෙච්චි විදිය, මෑන් හිතන විදිය ඒකයි.

      Delete
    3. කොහොමද දැන් මිහිහ බිලක් ගෙවන්නෙ නැතිව කඩේක ඉන්න වුණා නම්. ලොවෙත් නෑ... හෙහ්..හෙහ්...හෙහ්...

      Delete
    4. // කොහොමද දැන් මිහිහ බිලක් ගෙවන්නෙ නැතිව කඩේක ඉන්න වුණා නම්.//
      වෙනම පොස්ටුවක් ලියන්න පුළුවන් මේ ගැන...
      කොහොමත් මම බීන්ගේ තව කළු කෝපි කතාවක් ලයින් කරලා තියෙනවා.

      Delete
  3. මට තියෙන්නෙත් ඔබා අය්යා අහපු ප්‍රශ්නෙමයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  4. ඔබා, ඩුඩ්, ඔබ දෙපල මගේ මේ අලුත හදපු නිවහනට සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා. යන්තම් වහල ගහල, කඩුල්ලක් දාගෙන නැකතට ගෙවදුනා විතරයි. ජනෙල් තාම හිස්. බිත්ති කපරාරු කරලත් නෑ. වාඩි වෙන්න තියෙන්නෙත් පුටු කබල්. ඔබා වාඩිවෙච්චි පුටුවත් කැඩීලලු. ඒක හදල දාන්නත් ඕන. දැන් ගෙදර ඉන්න ගමන් ඉතුරු අඩු පාඩු ටික සම්පුර්ණ කරගන්නයි බලාපොරොත්තුව.
    මම හිතුව ඔබා විහිලුවට කියල ඇහුවේ බීන් කවුද කියල. ලංකාවේ හැමෝම දන්නවනේ. king පරාක්‍රමබාහු නොහොත් වත්මන් විපස්ස නායක.

    ReplyDelete
    Replies
    1. අදමයි ඒක ඇහුවෙ

      Delete
    2. වෙන දන්න දේවල්වල හැටියට....

      Delete
  5. ඔබා නිකං බබා වගේ දන්න දෙයක් නෑ, නොදන්න දේකුත් නෑ හැබැයි!

    ReplyDelete
    Replies
    1. ඔබා නිකං බබා වගේ.... - සින්දුවක කැල්ලක් වගේ!!
      කතන්දර, මේ අහ ආවට බොහොම ස්තුතියි. ඔබ ලියන දේ කාලෙක පටන් කියවනවා.

      Delete
  6. drinking only black coffee to get the a ss dried ...for easy travelling

    ReplyDelete
  7. බඹරා සාදරයෙන් පිළිගන්නවා. හොද හොද කතා ඇති වගේ. දාමු බලන්න ටික.... ටික.......

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තය මගේ ගෙදරට ගොඩ වැදුනට බොහොම ස්තුතියි.
      කතා නම් තියෙනවා... බැනුමක්, කයි කතන්දරයක්, ගල් පාරක් වදියි කියල තමයි බය.
      වෙද මහත්තුරු කීපදෙනෙක්ම මගේ ජීවිතට සමීප වෙලා ඉඳල තියෙනවා. ඒ අය කරපු විශ්වකර්ම වෙදකම් කීපයක් ගැන කතාත් තියෙනවා.ඉදිරියේදී බලමු.

      Delete
  8. නිකන්ම "වියපත් බඹරා" කියා නොදාපු එක වටින්නේ නැතිනම් දකින අය මේක ඔබා මාමාගේ තවත් බ්ලොග් එකක් කියල හිතන නිසා..

    බීන් නම් දන්නා කාලේ ඉඳලම බීන් තමා.... ඇත්තද බොරුද දන්නේ නැහැ. හැබැයි එයාගේ විශ්ව විද්‍යාල සගයෙක් මාත් එක්ක කියපු විදියට දවසක් කොළඹ කොහෙද වැල්ලවත්ත තියෙන්නේ කියලා ඇහැව්වලු...

    සුභ ගමන් මාමේ .. රත්නපුර පැත්තේ සම්බන්ධයක් තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඉඳුනිල්, ස්තුතියි මගේ වැයික්කියට ආවට. සුබපැතුමකුත් තියල ගිහින් තියෙන්නේ.
      බීන්ගේ කතා නම් එමටයි. වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන්. ඇත්තටම අධ්‍යයනය කල යුතු රසවත් චරිතයක්.
      අනේ ළමයෝ, රත්නපුර පැත්තේ නම් සම්බන්ධයක් නෑ. ඇතිකරගන්න අකමැත්තකුත් නෑ.. හෙහ් හෙහ් ...

      Delete
    2. මේ පැත්තේ විලේගොඩ නම අහල තියෙනවා. මට මතක හැටියට මෙහෙ ඉස්සර දිසාපති නෝනෙක් හිටියා විලේගොඩ කියලා.

      Delete
    3. මේ විලේගොඩ තියෙන්නේ අම්බලන්ගොඩ නගරයට බොහොම නුදුරුව.

      Delete
  9. ඔය කවටයා නොඋන්නා නම් අපේ රටත් රටක්.. .

    ReplyDelete
  10. අපේ නායකයෝ ප්‍රභේධ කීපයක් තියෙනවා. ජාතියේ පවට පහල වූ, පිනට පහල නොවූ හා අඩු ආයුෂ ඇති නායකයෝ

    ReplyDelete