Monday 25 June 2012

ගස් මාරු පෙති තෝරු....

ඔන්න මම සිකුරදා දවසක, වියට්නාම්වල හෝචීමින් නුවර ව්‍යාපෘතියක් ඉවර කරලා, ආපහු කොළඹ එනවා. මට එන්න තිබුනේ සිංගප්පූරුව හරහා. මම බොහොම මහන්සියෙන් හිටියත්, හරිම අනුවේදනීය දර්ශනයක් දැක්කා. කොල්ලාට සමුදෙන්න වියට්නාම් කෙල්ලෙක් ඇවිත්. (වියට්නාම් මිනිස්සුන්ව හඳුනාගන්න පහසුයි මිටි මොඩල් එකක් තියෙන්නේ.) කොල්ලා කෙල්ලව තදින් වැලඳගෙන, කෙල්ල අතොරක් නැතිව අඬනව. ප්ලේන් එකට නගින කොටත් මට මේ සීන් එක හිතේ වැඩ කලා. පැය 2කින් විතර සිංගප්පුරුවට ගොඩ බැස්සා. මට කොලඹ යන ෆ්ලයිට් එකට තව පැය කීපයක් තිබුණ නිසා එයාපෝට් එකෙන් එලියට එන්න තීරණය කලා. අපිට වීසා අවශ්‍යත් නැහැනේ. මම එලියට එනකොටම් දැක්ක මම ඉස්සරවෙලා කිව්ව, තනිවෙච්ච, ආදරවන්තයා මට ඉදිරියෙන් ගමන් කරනවා, බෑග් දාපු ට්‍රොලියත් තල්ලු කරගෙන. මෙන්න ඊලඟ දර්ශනේ. තරුණ චීන (යැයි කිව හැකි ) කෙල්ලෙක් බොහොම හුරුබුහුටි පොඩි ලමයි දෙන්නෙක් එක්ක අපේ ආදරවන්තයා ඉස්සහරට ඇවිත් එක පොකුරට බදාගන්නවා. මට හීන් දාඩිය දැම්මා. ෆුල් හොල්මන්. ඊට පස්සේ දවසක මම ඔය කතාව මගේ සිංගප්පුරු යාලුවෙකුට කිව්වා. මිනිහා කියනවා ඕක සාමාන්‍ය දෙයක්ළු. නීත්‍යානුකූල බිරිඳ ඉන්නෙ බොහොම වෙලාවට සිංගප්පුරුවෙලු. තමන් ව්‍යාපරික කටයුතු කරන අසල්වැසි රටවල තවත් පවුලක් නඩත්තු කරනවලු. සමහර අවස්ථාවල නීත්‍යානුකූල බිරිඳත් ඔය අනෙක් සම්බන්ධකම් දන්නවලු. අනේ කාලේ, වනේ වාසේ....