Monday, 25 June 2012
ගස් මාරු පෙති තෝරු....
ඔන්න මම සිකුරදා දවසක, වියට්නාම්වල හෝචීමින් නුවර ව්‍යාපෘතියක් ඉවර කරලා, ආපහු කොළඹ එනවා. මට එන්න තිබුනේ සිංගප්පූරුව හරහා.
මම බොහොම මහන්සියෙන් හිටියත්, හරිම අනුවේදනීය දර්ශනයක් දැක්කා. කොල්ලාට සමුදෙන්න වියට්නාම් කෙල්ලෙක් ඇවිත්. (වියට්නාම් මිනිස්සුන්ව හඳුනාගන්න පහසුයි මිටි මොඩල් එකක් තියෙන්නේ.) කොල්ලා කෙල්ලව තදින් වැලඳගෙන, කෙල්ල අතොරක් නැතිව අඬනව. ප්ලේන් එකට නගින කොටත් මට මේ සීන් එක හිතේ වැඩ කලා.
පැය 2කින් විතර සිංගප්පුරුවට ගොඩ බැස්සා. මට කොලඹ යන ෆ්ලයිට් එකට තව පැය කීපයක් තිබුණ නිසා එයාපෝට් එකෙන් එලියට එන්න තීරණය කලා. අපිට වීසා අවශ්‍යත් නැහැනේ. මම එලියට එනකොටම් දැක්ක මම ඉස්සරවෙලා කිව්ව, තනිවෙච්ච, ආදරවන්තයා මට ඉදිරියෙන් ගමන් කරනවා, බෑග් දාපු ට්‍රොලියත් තල්ලු කරගෙන. මෙන්න ඊලඟ දර්ශනේ. තරුණ චීන (යැයි කිව හැකි ) කෙල්ලෙක් බොහොම හුරුබුහුටි පොඩි ලමයි දෙන්නෙක් එක්ක අපේ ආදරවන්තයා ඉස්සහරට ඇවිත් එක පොකුරට බදාගන්නවා. මට හීන් දාඩිය දැම්මා. ෆුල් හොල්මන්.
ඊට පස්සේ දවසක මම ඔය කතාව මගේ සිංගප්පුරු යාලුවෙකුට කිව්වා. මිනිහා කියනවා ඕක සාමාන්‍ය දෙයක්ළු. නීත්‍යානුකූල බිරිඳ ඉන්නෙ බොහොම වෙලාවට සිංගප්පුරුවෙලු. තමන් ව්‍යාපරික කටයුතු කරන අසල්වැසි රටවල තවත් පවුලක් නඩත්තු කරනවලු. සමහර අවස්ථාවල නීත්‍යානුකූල බිරිඳත් ඔය අනෙක් සම්බන්ධකම් දන්නවලු. අනේ කාලේ, වනේ වාසේ....
Subscribe to:
Post Comments (Atom)
එක අතකට ප්‍රශ්නෙකුත් නෑ, ඌ පවුල් දෙක තියාගෙන ඉන්නෙ රටවල් දෙකක. අපේ පොරවල් ඔය එක ගමේ පවුල් දෙක-තුන තියාගෙන ඉන්නෙ.
ReplyDeleteඔය රට රටවල යන එකේ සංචාරය කරපු තැන්වල ෆොටෝ ටිකක් එහෙම දාල අත්දැකීම් ටිකක් එක්ක පෝස්ට් එකක් දැම්මනම් නරකද?
//එක අතකට ප්‍රශ්නෙකුත් නෑ, ඌ පවුල් දෙක තියාගෙන ඉන්නෙ රටවල් දෙකක. අපේ පොරවල් ඔය එක ගමේ පවුල් දෙක-තුන තියාගෙන ඉන්නෙ.//
Deleteඔය කියන තරමට දැන් කාලේත්, ඒ වාගේ මිනිස්සු ඉන්නවද? දැන් එක පවුලක් නඩත්තු කරන එකත් ලේසි පාසු කටයුත්තක් නෙවිනේ..
//ඔය රට රටවල යන එකේ සංචාරය කරපු තැන්වල ෆොටෝ ටිකක් එහෙම දාල අත්දැකීම් ටිකක් එක්ක පෝස්ට් එකක් දැම්මනම් නරකද?//
ෆොටෝ නම් තියෙනවා ටොන් ගානට. ඔව්වාට විස්තර ලියන එක තමයි එපාම කරපු වැඩේ. ඒත් බලමු ට්‍රයි කොරලා. යෝජනාවට ස්තුතියි.
දැන් ටිකකට කලින් මම දාපු කමෙන්ට් එකට මොකද වුනේ?
ReplyDeleteප්‍රශ්නයක් නෑ, publish කරන්න කලින් පුරුද්දට වගේ copy කරපු එක එහෙම්මම තිබුණ, ආයිත් දානව.
Deleteඑක අතකට ප්‍රශ්නෙකුත් නෑ, ඌ පවුල් දෙක තියාගෙන ඉන්නෙ රටවල් දෙකක. අපේ පොරවල් ඔය එක ගමේ පවුල් දෙක-තුන තියාගෙන ඉන්නෙ.
ඔය රට රටවල යන එකේ සංචාරය කරපු තැන්වල ෆොටෝ ටිකක් එහෙම දාල අත්දැකීම් ටිකක් එක්ක පෝස්ට් එකක් දැම්මනම් නරකද?
කෝ අනේ මම දාපු කමෙන්ට්ස්. දාපු ඒව පෙන්නන්නෙ නැති නිසා ආයෙ ආයෙ තුන්පාරක් දැම්ම. එකක්වත් නෑනේ.
ReplyDeletespamවල තිබිල හෝදලා ගත්තා. කොහොම Spamවලට ගියාද මන්දා. අනිවා විජාතික කුමන්ත්‍රනයක්.
Deleteමොකෝ හිටල. ලියාන්ඩ අනේ ලියාන්ඩ.
ReplyDeleteඅපිව බලන්න ආවට ස්තුතියි.
Deleteලියන්න දේවල් කීපයක්ම තියෙනව, ඒත් හිත හදාගන්න අමාරුයි. බලමු එන සතියේවත් මොනවා හරි කුරුටු ගාන්න
කෝ ...... ලියන්නැත්ද?
ReplyDeleteමේක ලියන්නෙ නැත්දෝ ..............
ReplyDelete