Saturday 12 May 2012

වසන්තගේ මෝටර් සයි-කෙලි...

වසන්ත, 87 ආණ්ඩු විරෝධී ව්‍යාපාරයට සක්‍රීයව සම්බන්ධ වූ තරුණයෙක්. තාත්ත ග්‍රාමසේවක කෙනෙක්. පුංචි කාලේ ඉඳල තාත්තගේ මෝටර් සයිකලේ පැද්ද නිසා වසන්ත ඔය කාලේ වෙනකොට ඕනෑම බයිසිකලයක් හොඳින් හසුරුවන්න පුළුවන් කම තිබුන. මේ හැකියාව නිසාම වසන්තට සංවිධානේ ලොකු පිළිගැනීමක් තිබුන විතරක් නෙවි, විශේෂ රාජකාරී පැවරුන. වසන්තත් ඒවා ඉතා ඉහලින්ම ඉෂ්ට කලා. 
මේ කියන දවසෙත් වසන්ත තවත් සහෝදරයෙක් එක්ක මෙහෙයුමක් සාර්ථකව නිමා කරලා වැව් තාඋල්ලක් උඩින් ගොම්මන් වෙලාවේ ට්‍රෙලක එනවලු සෑහෙන වේගයකින්. අඩ අඳුරේම වසන්ත දැක්කලු යාන්තමට යන පාරේ ලොකු කළු ගුලියක් තියෙනවා. පටු බොරළු පාරේ ආපු වේගෙට බ්රේක් ගැහුවොත් ලිස්සල ගිහින් එක්කෝ වැවේ, නැත්තම් පල්ලමේ. කර කියා ගන්න දෙයක් නැතිව මිනිහා ක්ෂණිකව තීරණය කරාලු බයිසිකලේ කළු ගුලිය උඩින් පන්නන්න. පිටිපස්සේ හිටපු සහෝදරයට කෑගහල කිව්වලු, හයියෙන් අල්ලගනින් කියා. සීට් එකට බරදීල හැන්ඩ්ල් එක ඉස්සුවලු. එතකොටලු දැක්කේ තඩි හරක් නාම්බෙක් නිදාගෙන ඉන්නවා. ඉස්සරහ රෝදේ ඉස්සෙනවා විතරයිලු දෙන්නටම මතක. සහෝදරයෝ දෙන්නම බරපතල තුවාලත් එක්ක ඉස්පිරිතාලේ. වෙලා තියෙන්නේ, මෝටර් සයිකලේ සද්දෙට හරක බයවෙලා, දනි පනි ගාල නැගිටලා. ඉතිරිය හිතාගත්තැකිනේ. 

8 comments:

  1. හපොයි දෙය්යනේ...!!!


    මේක සත්‍ය කතාවක් වගේ

    ReplyDelete
  2. ඔව් ඔබා, වසන්ත සනීප වෙලා ගෙදර ආවේ උඩු ඇන්දේ දත් වහල්ල නැතිව.
    අදටත් පාරේ හරකෙක් නිදාගෙන ඉන්නවා දැක්කම, මට ඔය සිද්දිය මතක් වෙනවා.

    ReplyDelete
  3. ඔබා මාමා බ්ලොග් එකක දැම්ම අන්තිම කමෙන්ටුව මයෙ හිතේ..ඔබා මාමා ගේ අඩුව නම හැමදාමත් අපේ හිතේ තියෙයි. ඔබා..ඔබට නිවන් සුව පතමු.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මම හිතන්නේ මේක තමයි ඔබාගේ සාමාන්‍ය දින චර්යාව. බ්ලොග් බලල, කොමෙන්ට් දාල, තමයි නිදා ගන්නේ. ආයෙත් උදේට බ්ලොග් බලල තමයි ව්‍යායාම කරන්න ඇවිදින්න යන්නේ. පහුගිය ඉරිදාත් උදේ එලියට යන්න ඉස්සර කොමෙන්ට් දාල ගිහින් තියෙන්නේ. ඔබාගේ සිංහල බ්ලොග් අවකාශයට තිබිච්ච කැපවීම, ආදරය කියල නිමකරන්න බෑ. එක් එක් කෙනාගේ තොරතුරුවලින් හෙලිවෙන්නේ ඔබා අසීමිතව මිනිස්සුන්ට ආදරය කල සොඳුරු පුද්ගලයෙක්.

      Delete
  4. එතකොට වසන්තගෙ අත පය කඩල, දත්ටික ගැලෙව්වෙ ආණ්ඩුවෙන් පත්කරපු නිල වධකයො නෙවෙයි. හරකෙක්. කොහොමටත් දෙකේ වැඩි වෙනසක් නෑ... හිකිස්...

    ReplyDelete
    Replies
    1. DDT කියපු කතාව, මට ලියන කොට මීටර් උනේ නෑ. ඇත්තක් තියෙනවා. එත් අපි හරකුන්ට නිග්‍රහ නොකර ඉමු නේද?
      වසන්තට නොනිල හමුදාවලින් බේරෙන්න ලැබුනේ නෑ. මම දන්නා තරමින් වසන්ත අතුරුදහන් වෙච්චි තරුණයින්ගේ ලයිස්තුවේ ඉන්නවා.

      Delete
  5. වසන්තලත් ඉතින් හරක් වගේ දක්කපු අය තමයි.

    ReplyDelete
  6. ඒත් ඉතිං කථාවක් තියෙනවානේ, "හරකා කියලා මරන්න ඕනද?"

    ReplyDelete